කන්ස්ට්‍රක්ට් 2018 ප්‍රද­ර්ශ­න­යේදී ඩීන් බ්‍රදර්ස් සම්මාන දිනයි | දිනමිණ

කන්ස්ට්‍රක්ට් 2018 ප්‍රද­ර්ශ­න­යේදී ඩීන් බ්‍රදර්ස් සම්මාන දිනයි

කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පසු­ගිය දා පැවැති ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රද­ර්ශ­න­යක් වන කන්ස්ට්‍රක්ට් 2018 ප්‍රද­ර්ශ­න­යේදී මාතර ඩීන් සහෝ­ද­රයෝ පෞද්ග­ලික සමා­ගම හොඳම බල මෙව­ලම් ප්‍රද­ර්ශ­න­ක­රුට හිමි සම්මා­නය දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රිලා හෝට­ලයේ දී උත්ක­ර්ෂ­වත් ලෙස පැවැ­ත්විණි. එම සම්මා­නය අලෙවි කළ­ම­නා­කරු සමීර වේනුක මහතා විසින් ලබා ගන්නා ලදී. ඉදි­කි­රීම් කර්මා­න්ත­යට අවශ්‍ය නව­තම ඩොං-චෙං බල මෙව­ලම්, ඩී. බී. එල්. යන්ත්‍රෝ­ප­ක­රණ සහ ෂිම්ගේ වතුර පොම්ප විශේ­ෂිත වට්ටම් සහි­තව කන්ස්ට්‍රක්ට් 2018 ප්‍රද­ර්ශ­න­යේදී ඩීන් සහෝ­ද­රයෝ සමා­ගම විසින් පාරි­භෝ­ගි­ක­යන්ට ලබා දෙන ලදී.

නව අදහස දක්වන්න