ෆ්‍රිජී ඉංජි­නි­ය­රින්ග් සර්වි­සස් සමා­ග­මට MASSCO ව්‍යාපාර විශි­ෂ්ටතා සම්මා­නය | දිනමිණ

ෆ්‍රිජී ඉංජි­නි­ය­රින්ග් සර්වි­සස් සමා­ග­මට MASSCO ව්‍යාපාර විශි­ෂ්ටතා සම්මා­නය

ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ වායු සමී­ක­රණ, විදුලි පරි­පථ, ජල නළ හා ගිනි නිවීම් පද්ධති සේවා සඳහා නම් දැරූ ෆ්‍රිජී ඉන්ජි­නි­ය­රින්ග් සර්වි­සස් පෞද්ග­ලික සමා­ගමේ සභා­පති / කළ­ම­නා­කාර අධ්‍යක්ෂ වර­ලත් ඉංජි­නේරු වෝල්ටර් පෙරේරා මහ­තාට MASSCO-2018 ව්‍යාපාර විශි­ෂ්ටතා සම්මා­නය හිමි විය.

ශ්‍රී ලංකාවේ ගොඩ­නැ­ඟිලි සේවා සප­යන සමා­ගම් අතර පුරෝ­ගා­මි­යකු වන ෆ්‍රිජී ඉන්ජි­ය­රින්ග් සර්වි­සස් සමා­ග­මට ISO 9001,2015 තත්ත්ව සහ­ති­ක­යද ලැබී ඇත. සේවා සැප­යී­මේදී පරි­ග­ණක තාක්ෂ­ණ­යත්, ක්ෂේත්‍රයේ නව­තම තාක්ෂ­ණික ප්‍රව­ණ­තාත් යොදා ගනි­මින් ගනු­දෙ­නු­ක­රු­වන්ට උචිත සැළැ­සු­මක් යටතේ ක්‍රියා කිරීම සමා­ගමේ විශේ­ෂ­ත්ව­යයි. ව්‍යාපෘති සැළැ­සු­ම්ක­ර­ණයේ සිට නිමාව දක්වා පිරි­වැය සංවේදී ප්‍රවේ­ශ­යක සිටින ෆ්‍රිජී ඉන්ජි­නි­ය­රින්ග් සම්ප්‍ර­දා­යික පද්ධ­ති­ව­ලින් ඔබ්බට ගොස් පාරි­භෝ­ගි­ක­යන්ට වාසි රැසක් සළ­සයි. පිරි­වැය අවම කර ගැනීම සඳහා ෆ්‍රිජී ඉන්ජි­නි­ය­රින්ග් සර්වි­සස් වාස්තු විද්‍යා­ඥ­යන්, වර­ලත් ඉංජි­නේ­රු­වන්, විශේ­ෂ­ඥ­යන්, කොන්ත්‍රා­ත්ක­රු­වන් හා සේවා­දා­ය­ක­යන් සමඟ එක්ව වැඩ කරයි. 1982දී ඇරැඹූ ෆ්‍රිජී ඉන්ජි­ය­රින්ග් ස්ර්විසස් සමා­ගම 1996 දී සිංග­ප්පූ­රුවේ ශාඛා­වක්ද, 1998දී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශාඛා දෙකක්ද, 2010 දී දෝහා කටාර්හි ශාඛා­වක්ද පිහි­ටු­වීය.

සුදු­සු­කම් හා අත්දැ­කී­ම්ව­ලින් පිරි­පුන් ෆ්‍රිජී ඉංජි­නි­ය­රින්ග් කාර්ය මණ්ඩ­ලය එක් එක් ක්ෂේත්‍ර­යට අදාළ විශේ­ෂ­ඥ­ය­න්ගෙන් සම­න්විත දැඩි කැප­වී­මක් ඇති කණ්ඩා­ය­මකි. සේවා­දා­ය­ක­යාගේ අව­ශ්‍ය­තාව මනාව ඉටු කර­මින් අගය එකතු කළ සේවා­වක් සැපැ­යී­මට ඇප කැප වී සිටින ෆ්‍රිජී ඉංජි­නි­ය­රින්ග් සමා­ගම ස්වකීය අන­න්‍ය­තාව වඩාත් ඉස්මතු වන පරිදි ඔවුන්ගේ සෑම ව්‍යාපෘ­ති­ය­ක­ටම විශේ­ෂ­ත්ව­යක් එකතු කිරී­මට නිර­න්ත­ර­යෙන් උනන්දු වෙයි. නව දිල්ලි ආණ්ඩු­කා­ර­ව­රයා පිරි­නැමූ ජාත්‍ය­න්තර රන් තරු සම්මා­නය, හොංකොං සංව­ර්ධන මණ්ඩ­ලය පිරි­නැමූ ආසි­යානු රන් සම්මා­නය ඇතුළු ජාත්‍ය­න්තර සහ දේශීය සම්මාන රැස­කින් ෆ්‍රිජී ඉන්ජි­නි­ය­රින්ග් සර්වි­සස් සමා­ගම පිදුම් ලබා ඇත.


නව අදහස දක්වන්න