පීපල්ස් ලීසිං ස්ථාවර තැන්පතු ගිණුම් අර­ඹන සැමට තෑගි | දිනමිණ

පීපල්ස් ලීසිං ස්ථාවර තැන්පතු ගිණුම් අර­ඹන සැමට තෑගි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමු­ඛ­තම මූල්‍ය ආය­ත­න­යක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමා­ගමේ ස්ථාවර තැත්පතු අර­ඹන සැමට සිංගර් ශ්‍රී ලංකා සමා­ග­මෙන් වටිනා ගෘහ­වි­දුලි උප­ක­රණ මිල­දී­ගැ­නී­මට තෑගි වව්චර් පිරි­නැ­මීමේ ප‍්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නක් දැන් ක්‍රියා­ත්මක කර ඇත. රුපි­යල් 100,000ට වැඩි ඕනෑම මුද­ලක් මාස 30 හෝ මාස 42 දක්වා ස්ථාවර තැන්ප­තු­වක් අර­ඹන සැමට මේ ප‍්‍රති­ලා­භය මේ මස 31දින දක්වා ලබා­ගත හැකි­වන අතර, ප‍්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නෙහි විශේ­ෂ­ත්වය වන්නේ දිව­යිනේ සෙසු බැංකු හා මූල්‍ය ආය­තන සමඟ සසදා බැලී­මේදී පීපල්ස් ලීසිං සමා­ගම ලබා­දෙන තර­ග­කාරී පොලි­යෙහි කිසිදු වෙන­සක් සිදු නොවී­මය.

පීපල්ස් ලීසිං සමා­ගම දියත් කළ මේ තෑගි වව්චර් පිරි­නැ­මීමේ ප‍්‍රව­ර්ධන වැඩ­ස­ට­හන යටතේ කල්පි­රී­මෙන් පසු මුදල් ආපසු ගන්නා හා මාස 30ක් දක්වා ස්ථාවර තැන්පතු අර­ඹන ගනු­දෙ­නු­ක­රු­ව­න්හට රුපි­යල් 100,000කට සිංගර් Gas Kettle, රුපි­යල් 250,000කට ලීටර් 2.2 සිංගර් Rice Cooker, රුපි­යල් 500,000කට Regnis Electric Coconut Scraper, රුපි­යල් 750,000කට සිංගර් Table Top Gas Burner හා රුපි­යල් 1,000,000කට සිංගර් Symphony Air Cooler සඳහා තෑගි වව්චර් පිරි­නැමේ. එමෙන්ම කල්පි­රී­මෙන් පසු මුදල් ආපසු ගන්නා හා මාස 42ක් දක්වා ස්ථාවර තැන්පතු අර­ඹන ගනු­දෙ­නු­ක­රු­ව­න්හට රුපි­යල් 100,000කට සිංගර් Gas Cooker, රුපි­යල් 250,000කට සිංගර් Electric Oven, රුපි­යල් 500,000කට සිංගර් Washing Machine, රුපි­යල් 750,000කට සිංගර් LED TV හා රුපි­යල් 1,000,000කට සිංගර් Refrigerator සඳහා තෑගි වව්චර් පිරි­නැමේ.

නව අදහස දක්වන්න