නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි | දිනමිණ

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, එස්.බී.දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරු කීපදෙනෙක් මෙම අවස්ථාවට එක්ව ඇත.

‍මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලට මන්ත්‍රීවරුන් පැමිණෙමින් තිබෙන බව ද සදහන්.

කෙසේ වෙතත් ඉදිරියේ දී ගන්නා වු තීරණ පිළිබඳ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් දැනුම් දෙනු ඇති බව ද වාර්තා වෙයි.

‍එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැවති විශේෂ සාක්ඡාවකින් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළ බව අද පස්වරුවේ නිවේදනය කළේය.

අදාළ තීරණය කථානයකවරයා වෙත යැවූ බව ද සඳහන්.

කෙසේ වෙතත්, ව්‍යවස්ථානූකූලව තමන් තවදුරටත් අගමැති බව රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

නව අදහස දක්වන්න