අලි රොෂාන්’ට විශේෂ මහාධිකරණයෙන් ඇප | දිනමිණ

අලි රොෂාන්’ට විශේෂ මහාධිකරණයෙන් ඇප

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලි ඇතුන් සිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් 07 දෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ මහාධිකරණය අද (26) නියම කළේය.
 
ඔවුනට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇපයක් ද නියම කෙරුණ අතර ,ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර සෑම මසකට වරක් රහස් පොලිසියේ පෙනී සිටින ලෙසටද නියම කෙරුණි.
 
බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා විසින් චෝදනා විසි හතරක් යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.
 
අදාළ නඩුව නොවැම්බර් 08 වැනි දා යළි කැඳවීමට නියෝග කෙරුණි.
 

නව අදහස දක්වන්න