කථානායක මල්වතු,අස්ගිරි නාහිමිවරුන් බැහැ දකියි | දිනමිණ

කථානායක මල්වතු,අස්ගිරි නාහිමිවරුන් බැහැ දකියි

කථානායක කරු ජයසුරිය අද පෙරවරුවේ  මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය.

මෙහි දී , කථානායකවරයා මහා නා හිමිවරුන් හමුවේ පැවසූවේ රටේ උද්ගත වී ඇති තත්ත්වය වඩාත් යහපත් ලෙස විසඳා ගැනීමට මෙම  අවස්ථාවේ දී මහා නා හිමිවරුන්ගේ මඟ පෙන්වීම ඉතා වැදගත් බවයි.

මෙම අවස්ථාවේදී  කවර හෝ පාර්ශවයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනි සිටිමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බැවින්, රටෙත්, ජනතාවගෙත් යහපත වෙනුවෙන් සාම කාමීව මෙම තත්ත්වය විසඳා ගැනීමට උත්තරීතර පාර්ලිමේන්තුව වෙනුවෙන් උපරිමයෙන් සහායවීම තම  අරමුණ බව එහිදි කථානායකවරයා පවසා ඇත.

නව අදහස දක්වන්න