ඩීන් බ්‍රදර්ස් ඉම්පෝට්ර්ස් වෙතින් තවත් ප්‍රජා සත්කාරය සේවයක් | දිනමිණ

ඩීන් බ්‍රදර්ස් ඉම්පෝට්ර්ස් වෙතින් තවත් ප්‍රජා සත්කාරය සේවයක්

මාතර සී/ස ඩීන් සහෝදරයෝ ආනයන පෞද්ගලික සමාගමේ සහ නජීබ් ඩීන් පදනමේ තවත් ප්‍රජා සත්කාර සේවාවක් ලෙස හොරගොඩ නමැති ග්‍රාමීය ප්‍රදේශයේ පිහිටි අල් හුදා කණිෂ්ඨ විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති අංග සම්පූර්ණ පුස්තකාල ගොඩනැගිල්ල සමඟ එයට අවශ්‍ය පොත්, ගෘහභාණ්ඩ සහ පරිගණක විද්‍යාගාරය ඉදිකර පාසල් දරු දැරියන්ට ලබා දීම පසුගියදා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතා අතින් සිදු විය.

එම ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ආරාධිත අමුත්තන් ලෙස ඩීන් සහෝදරයෝ ආනයන පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ ෆාමින් නජීබ් මහතා, සාමාන්‍යධිකාරී ඩී. ජයවීර මහතා සහ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යපන අධක්‍ෂිකා ඒ. එම්. එෆ්. මදානියා මහත්මිය සහභාගී වූහ.

දූ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීම සඳහා මෙවැනි ප්‍රජා සත්කාර සේවාවන් රැසක් සිදු කරන ඩීන් සහෝදරයෝ ආනයන පෞද්ගලික සමාගම නජීබ් ඩීන් පදනම තුළින් ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු කිරීමට අමතරව ස්වයං රැකියා සඳහා අවශ්‍ය පුහුණුවද ලබා දෙයි.

නව අදහස දක්වන්න