ජනපති - අගමැති SLFP මධ්‍යම කාරක සභාවේ | දිනමිණ

ජනපති - අගමැති SLFP මධ්‍යම කාරක සභාවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 07.00 ට  ජනාධිපති නිල නිවසේදී රැස්වීමට නියමිතයි.

නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස සඳහන් කළේ, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මීට අමතරව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හා නව සංවිධායකයින් පත්කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මාධ්‍යම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.

නව අදහස දක්වන්න