නත්තල් සූදානම | දිනමිණ

නත්තල් සූදානම

එළැඹෙන උදුවප් මහේ උදාවන අසිරිමත් නත්තලත් සමඟ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. නත්තල වෙනුවෙන් දිවයිනේ බොහෝ සංචාරක හෝටල් දැන් සිටම සූදානම් වේ. හබරණ - දඹුල්ල මාර්ගයේ දිගම්පතහ පිහිටි කස්සප ලයන් රොක් සංචාරක හෝටලයේ නත්තල වෙනුවෙන්ම සකස්කරනු ලබන කේක් සෑදීම පසුගිය දා ආරම්භ කෙරිණි. නේවාසික කළමනාකරු මනෝ පෙරේරා මහතාගේ මගපෙන්වීම අනුව, විධායක සුපවේදී ජයන්ත රතුගම, විධායක පේස්ට්‍රි සුපවේදී දිල්හාන් කන්නන්ගර, පිළිගැනීමේ අංශය භාර කළමනාකාර සමන්ත වීරසේකර ආහාර හා බීම අංශයේ කළමනාකාර සජීව තිලකරත්න යන මහත්වරු සහ මුළුතැන්ගෙයි අංශයේ නිලධාරීන් සමග නෙදර්ලන්ත ජාතික සංචාරක පිරිසක් කේක් සැකසීමට එක්වූ අයුරුයි මේ.

ඡායාරූපය - හබරණ සමූහ

නව අදහස දක්වන්න