අගමැති සමග සැලැස්මක් ඇති කර ගන්න - සුබ්‍රනියම් ස්වාමි | දිනමිණ

අගමැති සමග සැලැස්මක් ඇති කර ගන්න - සුබ්‍රනියම් ස්වාමි

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කරගන්නැයි, තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම ආර්.සම්බන්ධන් වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව භාරතීය ජනතා පක්‍ෂෙය් නායක, ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රනියම් ස්වාමි මහතා ඉල්ලීමක් කර සිටියි.
 
ටුවිටර් පණිවුඩයක් තබමින් ඒ මහතා මේ බව ඊයේ සඳහන් කර තිබේ.
 
දෙපාර්ශ්වය වෙනුවෙන් මැදිහත් කිරීමට අවශ්‍ය නම් තමන් ඒ වෙනුවෙන් සහයෝගය දීමට සූදානම් බවද ඔහු අවධාරණය කර ඇත. 
 
ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කරගන්නැයි තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම ආර්.සම්බන්ධන් වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නායකයන්ට අවධාරණය කරනවා. හිතවත් බේරුම් කිරීම් කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මම මගේ උපරිම සහයෝගය දෙනවා”.
 
“I urge the SL Tamil Community as well as its senior respected leaders like Sampathadam to try for a working arrangement with PM Rajapakse for the sake of Tamil issues. For what it is worth I would be happy to work for a favourable settlement if required,”

නව අදහස දක්වන්න