සූත්‍රය ඉවරයි! | දිනමිණ

සූත්‍රය ඉවරයි!

තෙල් ගහන්නට පිරවුම්හල වෙත යන රියැදුරා මීටරය දෙස බලන්නේ නැත. මීටරය දෙස බැලුවහොත් ඔහුට තරු පෙනෙයි. රියැදුරන්ගේ ඔළුව හොඳට ම කොළොප්පම් වන්නේ දහවනදාට ය. එදාට රියැදුරන් සිටිනුයේ රතු කට්ට පැනලා ය. එදාට මිල සූත්‍රයටත් මිල සූත්‍රය හැදූ අයටත් තමන් දන්නා සියලුම පරුස වචනවලින් බැණ වදින රියැදුරෝ නොහික්මුණු ලෙස සිය රථය පදවාගෙන යති. මේ නිසා ම පසුගිය කෙටි කාලය තුළ රථවාහන අනතුරු ඉහළ ගියේය. අප මේ කියා සිටින්නේ ගිය ආණ්ඩුව තෙල් මිල සූත්‍රය නම්; ඉන්ද්‍රජාලික යථාර්ථයෙන් රටට සිදු කළ හානියෙන් ඇබිත්තකි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ද භාර ගත්තේය. දින තුනක් යන්නටත් පෙර එහි ප්‍රතිඵල ජනතාව වෙත ගලාඑන්නට පටන්ගෙන තිබේ. පෙට්‍රල් මිල රුපියල් දහයකින් අඩු කර ඇත. ඩීසල් මිල රුපියල් හතකින් අඩුකර ඇත. ඊයේ උදෑසන සිට අපේ රටේ රියැදුරෝ රතිඤ්ඤා පත්තු කරන්නට පටන් ගත්හ. ත්‍රීරෝද රථ හිමිකරුවෝ සිය ගාස්තු අඩු කළහ. ගිය ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා කියා තිබුණේ ඉන්දියාවත් මිල සූත්‍රයක් අනුගමනය කරන බැවින් අප ද එය කළ යුතු බවය. ඒ හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බව ද ඔහු කියා සිටියේ ය. මංගල සමරවීර මහතාට කණ පැලෙන උත්තරයක් මහින්ද රාජපක්ෂ මහතා ලබා දී ඇත. ඊයේ සිට මිල සූත්‍රය අහෝසි වී තිබේ.

මේ රටේ ජනතාවගෙන් අති බහුතරය දුප්පත් ය. ආර්ථික විශ්ලේෂණවලට අනුව රටේ සම්පත්වලින් හා ආදායමෙන් 80% ක් පමණ භුක්ති විඳින්නේ 20% ක් තරම් වූ සුළුතරයකි. ධනපති ආණ්ඩු හා ධනපති නායකයන් ද විවිධ උප්පරවැට්ටි මඟින් සිදුකරනුයේ ඉහත කී 20% ක් වූ සුළුතරයගේ මඩිය තවදුරටත් තරකිරීම ය. දුප්පත් ජනතාව ධනපතියන් භංගවේවා! යැයි සටන් පාඨ කියමින් පෙළගැසෙන්නේ ඒ නිසා ය. රටේ ජනගහනයෙන් බහුතරයකට ඇති ප්‍රධාන හා දැවෙන ප්‍රශ්නය වන්නේ ජීවන වියදමයි. හාල්, පරිප්පු, පිටි, සීනි, කරවල, තෙල් සහන මිලකට ලබාදිය හැකි නම් ඔවුන්ගේ මූලික ගැටලුව විස‍ඳෙයි.

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක වන පරිදි වැදගත් තීන්දු ගණනාවක් ගෙන තිබේ. පරිප්පු බද්ද 5% කින් අඩුකර ඇත. සීනි බද්ද 10% කින් අඩුකර ඇත. දුරකථන බද්ද 10% කින් අඩුකර ඇත. මේ සමඟ තවත් සහන ගණනාවක් ද ලබා දී ඇත. මෙය සැලැකිය යුතු ආර්ථික පෙරැළියකි. ඩොලරයේ වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ යන විට බඩු මිල ඉහළ යන බවත්, ඊට කළ හැකි එක ම ප්‍රතිකර්මය රටේ නිෂ්පාදනය ඉහළ නැංවීම බවත් පෙන්වා දුන් ගිය ආණ්ඩුව ජනතාවට පටි තදකරගන්න යැයි කියා සිටියේය. ගිය ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයන් සිය විග්‍රහ සඳහා පාදක කර ගත්තේ ලෝක වෙළෙඳ පොළයි. ඒ වෙළෙඳ පොළ ගැන තඹ දොයිතුවක දෙයක් සාමාන්‍ය ජනතාව දන්නේ නැත.

ගෙවී ගිය අවුරුදු තුනහමාරක කාලය තුළ ශ්‍රී ලංකාව හැඳින්වූ අන්වර්ථ නාමය වූයේ බදු රාජ්‍යය යන්නය. මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා මෙන් ම රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ද දිගට - හරහට බදු ගැසූහ. එතුමන්ලාගේ දීර්ඝ කාලීන සැලැසුමට අනුව හෙට උපදින්නට සිටින දරුවාට ද බදු ලිපි ගොනුවක් නිකුත් කිරීමට කටයුතු යෙදී තිබිණි. විදේශ සේවයෙහි යෙදී සිටින අයගේ ඉපැයීම් සඳහා ද අයුක්ති සහගත බද්දක් අය කැරිණි. ජනතාවට බදු තිත්ත වී තිබිණි. ගිය ආණ්ඩුව මේ තත්ත්වය සාධාරණීකරණය කළේ දියුණු රටවල බදු අනුපාතයන් උපුටා දක්වමින් ය. ජනතාවට මේවා අණ්ඩර - දෙමළ විය.

මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන විග්‍රහයක් කරමින් කියා සිටියේ බඹරා රොන් ගන්නා පිළිවෙළට රජයක් බදු අයකරගත යුතු බව ය. බඹරා මල තලන්නේ නැත. එය විනාශ කරන්නේ ද නැත. එහෙත් ගිය ආණ්ඩුව සිදු කළේ මල චප්පකොට පැණි උරාබීම ය. මෙය එක්කෝ රනිල් තියරිය විය යුතුය. නැත‍හොත් මංගල තියරිය විය යුතු ය. බදු අයකිරීම කෙතරම් භයානක ලෙස සිදුකළේ ද යත්; ඊට අවශ්‍ය නීති-රීති අලුතින් සම්පාදනය කර ගත්හ. ඉන් නොනැවතී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තම සහචරයන් ද පත් කර ගත්හ. මංගල මහතා වරක් කියා සිටියේ හඳෙන් හෝ බදු නිලධාරීන් ගෙනැවිත් අවශ්‍ය බදු අය කරගන්නා බව ය.

වික්‍රමසිංහ ආණ්ඩුව කෙතරම් පීඩාකාරී ලෙස ආර්ථිකය හැසිරවූ‍ෙය් ද යත්; දුප්පත් ජනතාව උදෑසන අවදිවන්නේ තැතිගැන්මකින් යුතුව ය. සෑම උදෑසනක් ම අසුබදායක දවසක් ආරම්භ කළේය. ඉදිකට්ටේ - ගිනිපෙට්ටියේ සිට මෝටර් රථය දක්වා සියලු භාණ්ඩවල මිල දෙගුණයකින්, තුන් ගුණයකින් ඉහළ ගියේය. බඩු මිල ඉහළ දැමීම පිළිබඳ කිසිදු සාධකයක් ජනාධිපතිවරයා හෝ දන්නේ නැත. ඒවා කිහිප දෙනකුගේ රහස් බවට පත් වී තිබිණි. මේ කොල්ලකාරී ආර්ථීකය තවත් වසරක් පමණ පැවැතියේ නම්; ශ්‍රී ලංකාව සිම්බාබ්වේ රාජ්‍යයට සමාන වනු ඇතැ’යි සමහරු පෙන්වා දුන්හ. එහෙත් කුමන විවේචන පැවැතිය ද වික්‍රමසිංහ ආණ්ඩුව පෙරළා ජනතාව දෙස බැලුවේ නැත. ඒ ආණ්ඩුවට ගෙදර යන්නට සිදුවූයේ ජනතාවගේ ශාපය නිසා යැයි සිතන්නට පුළුවන. ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිට ප්‍රකට ව තිබුණේ තුන්වේලට ම බත් කන ශක්තිමත් ජාතියකින් සමන්විත අපූරු රාජ්‍යයක් හැටියටය. වික්‍රමසිංහ ආණ්ඩුව එම බත් සංස්කෘතිය අහෝසි කළේ ය. වේල් තුන එක වේලකට බැස්සුවේය.

රටේ ආර්ථීකය පවතින්නේ අන්තිම පසුගාමී තැනක ය. යුද්ධය පැවැති සමයේ වුව ජාතික ආර්ථීකය මෙතරම් ඇදවැටුණේ නැත. ශ්‍රී ලංකාව වැනි රටක් ආර්ථීක සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම්; වාර්ෂික ආර්ථීක වෘද්ධිය 7% ක් හෝ 8% ක් හෝ දක්වා ඉහළ නංවාගත යුතුය. ගෙවී ගිය වසර තුන තුළ ආර්ථික වෘද්ධිය 4% ඉක්මවූයේ නැත. දේශීය කර්මාන්ත බිඳවැටී ඇත. දේශීය ගොවියා අන්ත අසරණ වී ඇත. කුඩා කර්මාන්ත වැසී ඇත. වික්‍රමසිංහ ආණ්ඩුව සිය සැලැසුම් සකස් කර තිබුණේ සියලු සම්පත් පිටරටට අලෙවිකොට ආණ්ඩුවක් පවත්වා ගැනීමට ය. රටේ හා ජනතාවගේ කිසියම් වාසනාවකට ජනාධිපතිවරයා මේ බව වටහාගෙන ආණ්ඩුව වෙනස් කළේය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හමුවේ ඇති ප්‍රධාන අභියෝගය ආර්ථිකය ගොඩනැංවීම යැයි කිව හැකිය. දැන් එය දුවන්නේ රිම් එකෙන් ය. අලුත් ටයර් යොදා හුළං පුරවා වාහනය පාරට දැමිය යුතුය.

අදහස් 2ක් ඇත

ස්ත්‍රීවාද පිළිකාව ද ඉවර කළයුතුය. (නමුත් මානව හිමිකම් රැකිය යුතුය ) ස්ත්‍රීන් ගේ අයිතිවාසිකම් පුරුෂයින්ට හානි සිදුවන පරිදි ඉහළ දැමීම, පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය ඉහළ දැමීම ආදිය මගින් රට විනාශ වීමත් නපුංසකකරණය වීමත් දුර්වල වීමත් නොවැලැක්විය හැකිය. සමලිංගික වාදය ස්ත්‍රී වාදයේම තවත් පැතිකඩකි. ස්ත්‍රී පුරුෂ සමානතා වාදය මේ සියල්ලට හේතුව වූ මිථ්‍යා අදහසයි. මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙළඹීම ස්ත්‍රී වාදීන්ගේ යහපත් ලක්ෂණයක් වුවද ඔවුහු එයට මුවාවී සූක්ෂම ලෙස ලොව බොහෝ රටවල් වල අධ්‍යාපන විෂය නිර්දේෂයන් තුළට ස්ත්‍රීවාදය ඇතුල් කර තිබේ. ආර්ථිකය දියුණු වූ රටවල් වල අධික කාම පරිභෝජනය නිසා ස්ත්‍රියට (කාම වස්තුවට ) ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබේ. අධික කාම පරිභෝජනය නිසා මනස දුර්වලවූ පුරුෂයින්ව එම රටවල ස්ත්‍රීන් විසින් රවටා යටත් කොටගෙන තම ඉල්ලීම් දිනාගෙන තිබේ. ස්ත්‍රීවාදය ඇතිවීමට හේතුව ආර්ථිකව දියුණු වූ රටවල් වල අධික කාම පරිභෝජනයයි. බටහිර රටවල් ආර්ථිකව දියුණු වූයේ ස්ත්‍රීවාදය ඇතිවීමට පෙරය. රටක් ආර්ථිකව දියුණු වීමට හේතුව ස්ත්‍රී වාදය යැයි පවසමින් ස්ත්‍රීවාදීන් විසින් ජනතාව මුලා කරති. උදා: 'සෑම නිවසකම පාහේ රූපවාහිණියක් තිබීම' ආර්ථිකය දියුණු රටවල ලක්ෂණයකි. නමුත් දුප්පත් රටවල සෑම නිවසකටම රූපවාහිනියක් ලබාදීමෙන් ආර්ථිකය දියුණු වේ යයි යමෙකු පවසන්නේ නම් ඔහු වංචා කරුවෙකි නැතිනම් අඥානයෙකි.

නව අදහස දක්වන්න