අගමැති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු අතර සාකච්ඡා | දිනමිණ

අගමැති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු අතර සාකච්ඡා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (1) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී ආචාර්යවරු පංචවිධ යෝජනාමාලාවක් ද අගමැතිවරයා වෙත ඉදිරිපත් කළහ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මාහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද මේ අවස්ථාවට සහභාගී වු අතර ආචාර්ය ලෙනගල සිරිනිවාස හිමි, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය එම්.ඩී. ළමාවංශ, මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය ක්ෂිණිකා හිරිඹුරේගම, මහාචාර්ය අතුල සේනාරත්න මහත්ම මහත්මීන් ඇතුළු සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ආචාර්යවරුන් පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ. ඡායාරූපය - වාසිත පටබැඳිගේ

 

නව අදහස දක්වන්න