ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණයෙන් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ සදහා අඩු අමාත්‍යංශ සංඛ්‍යාවක් තුළ කැබිනට් අමාත්‍ය ධූර අඩු කිරීම ද ඊට යෝජනා වී ඇත.
2018 වර්ෂය සඳහා ඉලක්කගත දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8% ක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.9% ක ආසන්න අගයක පවත්වා ගැනීම රජයේ අරමුණයි.
ඒ තුළින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව තවදුරටත් ළඟාකරගත හැකි වෙතැයි ද රජය විශ්වාසය පළ කරනු ඇත.
මේ අතර විනිමය අනුපාත ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මෙන්ම විදේශ වෙළෙඳාම සහ විදේශ ගනුදෙනු තවදුරටත් ඒකාග්ර කිරීම සඳහාගත හැකි ක්‍රියාමාර්ග සළකා බලමින් ඇතැයි ද මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
නව අදහස දක්වන්න