නව ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි | දිනමිණ

නව ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
 
එස්.බී.නාවින්න මහතා සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
 
එසේම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්.වියලේන්දිරන් මහතා නැගෙනහිර සංවර්ධන, ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

නව අදහස දක්වන්න