අගමැති කතරගම පුදබිමේ | දිනමිණ

අගමැති කතරගම පුදබිමේ

කතරගම කේ ඩි දේවපි‍්‍රය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (02) දහවල් විශේෂ ආගමික වතාවත්වල නිතරවීම සඳහා රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණියේය.

කතරගමට පැමිණි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රථමයෙන් කිරිවෙහෙර වැඳ පුදාගෙන අනතුරුව කතරගම දේවාල භූමියට පැමිණියේය. අෂ්ඨඵල බෝධිය වැද පුදාගෙන මහා දේවාලය ඇතුළු පරිවාර දේවාල වෙත ගොස් පලතුරු පූජාවන් තබා දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගැනීමෙන් අනතුරුව කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කපුගම සරණ තිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ආගමික වතාවත් සිදුකරනු ලැබුවේ කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් විසිනි. මේ අවස්ථාව සඳහා සිතුල්පවුව රාජ මහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති මැටරඹ හේමරතන හිමියෝ ද එක්වූහ. ආගමික වතාවත්වල නිතරවීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස් කපුගම සරණ තිස්ස හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. මේ අවස්ථාවට හිටපු ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ. පාර්ලිමේන්තු මන්ත්‍රී පත්ම උදය ශාන්ත ගුණතිලක, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා පළාත් සභා නියෝජිතයන් හා විශාල පිරිසක් පැමිණ සිටියහ.

ඡායාරූපය - කතරගම සංචාරක

නව අදහස දක්වන්න