ඊෂි කෑෂ් ක්‍රමයට කුඩු බෙදූ 4ක් අත්අඩංගුවට | දිනමිණ

ඊෂි කෑෂ් ක්‍රමයට කුඩු බෙදූ 4ක් අත්අඩංගුවට

ඊෂි කෑෂ් ක්‍රමයට මාතර දිස්ත්‍රික්කයේ කුඩු බෙදා හරින පුද්ගලයකු පෙරේදා (01) කඹුරුගමුව ප්‍රදේශයේ දී කොටවිල පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කළ මුලික පරීක්ෂණවලින් පසුව මේ ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එහි දී සිදු කළ විමර්ශනයකින් පසුව හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ. දීර්ඝ කාලයක සිට මේ ජාවාරම සිදු කර ඇති අතර ලැබුණු තොරතුරු පරිදි සතියක පමණක් කාලයක් අදාළ ජාවාරම් සිදු කරන ස්ථානවල සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. එහි දී ග්‍රෑම් 2.5 බැගින් ඉතා සූක්ෂම අයුරින් ඇසුරුම් කරන ලද පැකට් 26ක් සහ ඊෂි කෑෂ් සඳහා යොදා ගන්නා ලද ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගෙන ඇත. ‍ජංගම දුරකථනය මාර්ගයෙන් මුදල් ගෙන්වා ගෙන කුඩු බෙදා හරින බව එහි දී කරන ලද මූලික පරික්ෂණවල දී අනාවරණය වී ඇත. මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජී. එච් .මාරපන මහතාගේ උපදෙස් පරිදි කොටවිල පොලිස් ස්ථානාධිපති ජයතිලක බෝධිපක්ෂ, දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ. පො. පරික්ෂක ආර්. එම්. ජයරත්න, උප පොලිස් පරික්ෂක කසුන්, පොලිස් සැරයන් 18641 සුබසිංහ, පො. සැරයන් 55806 සුනිල් පො. සැ. 21597 රණවීර, පො.කො. 35209 රෝහිත, පො. කො. 90510 සදරුවන්, පො. කො. රියදුරු 89946 චතුරංග සහ පොලිස් නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.

සැකකරුවන් 01 වැනි දින මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වැලිගම සමූහ ටී. කේ. මහින්ද

නව අදහස දක්වන්න