ඉන්දුනීසියා ගුවන් අනතුර - නියමුවාගේ නොසැලකිල්ලෙන් | දිනමිණ

ඉන්දුනීසියා ගුවන් අනතුර - නියමුවාගේ නොසැලකිල්ලෙන්

ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් යානය අනතුරට පත්ව ඇත්තේ නියමුවාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් බව හෙළි වී තිබේ.

යානය ගුවන් ගතකර සුළු වේලාවකින් නියමුවා ප්‍රධාන පාලක මැදිරියට දැනුම් දී ඇත්තේ යානයේ තාක්ෂණික ගැටලුවක් ඇති බැවින් එය වහා ගොඩබැස්සවීමට පහසුකම් සලසන ලෙසයි. එහෙත් ඒ සමඟම නියමුවා යළිත් පවසා ඇත්තේ සියල්ල නිවැරදි බවත් එය සාමාන්‍ය ලෙස පියාසර කරන බවයි.

ඒ අනුව යානය යළි හරවනවා වෙනුවට දිගටම ධාවනය කිරීමට කටයුතු කළද ටික වේලාවකින් යානය කඩා වැටී තිබෙනවා. මේ අනතුරෙන් කාර්ය මණ්ඩලය ඇතුළු 189 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලයන් එයාර් සමාගමට අයත් බෝයිං 737 වර්ගයට අයත් මේ යානය අනතුර පත්වූයේ පසුගිය සඳුදායි. එහි කළුපෙට්ටිය පෙරේදා දිනයේ දී සොයා ගනු ලැබීය.

 

නව අදහස දක්වන්න