‘රටම රකින ජන මහිමය 113+’දැවැන්ත ජනතා උද්ඝෝෂණය අද | දිනමිණ

‘රටම රකින ජන මහිමය 113+’දැවැන්ත ජනතා උද්ඝෝෂණය අද

අනුර ප්‍රේමලාල්

වත්මන් ආණ්ඩුවට වැඩි ජනමතයක් තිබෙන බව අද (5) පාර්ලිමේන්තුව වටරවුම අසලට රොදබඳින දැවැන්ත ජන ගංගාවෙන් මුළු ලෝකයම දැන ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කෙළේ අද (5) දහවල් 12.00ට පාර්ලිමේන්තු වට රවුම අසල පැවැත්වෙන "රටම රකින ජන මහිමය 113+"දැවැන්ත ජනතා උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු පිළිබඳ අදහස් දක්වමින්ය.

එහි දී වැඩිදුරටත් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ගත් තීන්දුව ඉතාම නීත්‍යානුකූලයි. එමෙන්ම රටට ආදරය කරන සියලු ජනතාවගේ ප්‍රාර්ථනාවක් මල්ඵල ගැන්වීමක්. අද රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැදුරට වෙලා ජනතාව හා විදෙස් මාධ්‍ය නොමඟ යවමින් සිටිනවා. දිනෙන් දින ආර්ථික පීඩනයකට ලක්වෙමින් සිටි ජනතාවට යළි සහනයක් ලබා දෙමින් යුද්ධය දිනු නායකයා ලෙස රට යළි ගොඩනගයි කියන විශ්වාසය ජනතාව තුළ තියෙනවා.

බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුකරමින් රට බෙදන ව්‍යවස්ථා සකස් කරමින්, සංස්කෘතික වටිනාකම් දියාරු කරමින්, මේ රට අනාගාමික රටක් බවට පත්කරමින්, ජාතික සම්පත් දිනෙන් විදේශිකයන්ට විකුණා දමමින් පැවති හොරිකඩ ආණ්ඩුව ඇති කළ ජාතික අපගමනයට පිළිතුරු දෙන්න ජනතාව ලක්ෂ ගණනින් පාර්ලිමේන්තුව වටරවුමට රොද බැදගනියි. ඒ නිසා මේ මාතෘභූමිය නාමයෙන් සියලු බේද අතහැර දමා අද පාර්ලිමේන්තු වට රවුමට එක්වෙන ලෙස ජනතාවට ආරාධනා කරනවා.

 


නව අදහස දක්වන්න