අපි එකතු වුණේ රට වෙනුවෙන් | දිනමිණ

අපි එකතු වුණේ රට වෙනුවෙන්

අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසර තුනකුත් මාස දහයකට වැඩි කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කර ඔහුව පරාජය කර නැවත මේ එක්වීමට ගත් ඓතිහාසික තීන්දුවට ගරුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රට ජාතිය වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් ඒ වගකිවයුතු තීන්දුවට සියලු දෙනාගේම උපහාරය හිමිවෙන බවද අගමැතිවරයා කියා සිටියේය.

ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (05) පාර්ලිමේන්තු වට රවුමේ පැවැති රටම රකින ජන මහිමය 113+ දැවැන්ත ඓතිහාසික ජන උද්ඝෝෂණය අමතමිනි.

තමා ජනාධිපතිවරයා සමඟ එක්වුයේ ජනතාව වෙනුවෙන් බවත්, ජනතා අයිතියත් නුපන් දරුවාගේ අයිතියත් විදේශයන්ට විකුණාදමනු බලා සිටිය නොහැකි නිසා යැයිද අගමැතිවරයා කියා සිටියේය. තාවකාලික වෙන්වී සිටි අපේ එක්වීම අරුමයක් නොවන බවත් කේලම්වලින් ආපසු කෙටවීමට, වෙන් කිරීමට ඉඩ නොතබන ස්ථාවරයට පැමිණ ඇති බවද කියා සිටියේය.

සුළු ජාතීන් අපත් සමඟ අත්වැල් බැදගනිමින් ඔවුන්ගේ මිනිසුන් වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආණ්ඩුවත් සමඟ කටයුතු කිරීමට එම පක්ෂ තීන්දුවක් ගත යුතු යැයිද වැඩිදුරටත් කියා සිටියේය. ඡායාරූපය - සුදත් සිල්වා

නව අදහස දක්වන්න