සබරගමුව වෙහෙර විහාර නංවන්න ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආධාර | දිනමිණ

සබරගමුව වෙහෙර විහාර නංවන්න ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආධාර

කුරුවිට සමූහ-රූපිකා කේ.බණ්ඩාර

ඓතිහාසික ශ්‍රී දළදා දෙල්ගමුව රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් රුපියල් ලක්ෂ විසිපහක මුදල් ප්‍රතිපාදන වෙන්කර දී තිබෙන බව කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.මීට අමතරව ඌන සංවර්ධිත විහාරස්ථාන වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් වැය කරමින් කිතුල්පේ සිරි නන්දාරාම විහාරස්ථානය වැඩිදියුණු කිරිමත් රුපියල් ලක්ෂ 3ක මුදලක් වැය කරමින් පරකඩුව ශෛලබිම්බාරාම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීමත් සිදු කෙරේ.ජානකපුර, කහංගම හංසගිරි විහාරයේ බහුකාර්ය ගොඩනැඟිල්ල ඉදිකිරීමද රුපියල් ලක්ෂ 5ක මුදලක් වැය කරමින් සිදුකෙරේ.

නව අදහස දක්වන්න