නේවි සම්පත් යළි රිමාන්ඩ් | දිනමිණ

නේවි සම්පත් යළි රිමාන්ඩ්

තරුණයින් 11  දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, සැකකරු අද කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අනතුරුව ඔහු ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

2008 - 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් මස 13 වන දාය.

 

නව අදහස දක්වන්න