ජනපති තීරණවලට අභියෝග කරන්න බැහැ | දිනමිණ

ජනපති තීරණවලට අභියෝග කරන්න බැහැ

ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක්කිරීමට කතානායකවරයාට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කරයි.

කතානායක කරූ ජයසූරිය මහතා විසින් ව්‍යවස්ථාව රැකිය යුතු බව පෙන්වාදෙන ඒ මහතා පාර්ලිමේන්තුව කල් තැබීම සහ නැවත කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා තීන්දුවලට විරුද්ධ විය නොහැකි බව ද පෙන්වාදෙයි.

එසේ කරන්නේ නම් ජනාධිපතිවරයාගේ බලතලවලට විරුද්ධව ක්‍රියාකිරීමක් වන බව පවසන මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් නීතීඥවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙන බව ද සඳහන් කරයි.

මේ අතර ඒ මහතා පෙන්වා දෙන්නේ එම නඩුවේ දී කරුණු දක්වමින් පාර්ලිමේන්තුව කල්තැබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක්කළ නොහැකි බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන බවයි.

රවී ලද්දුවහෙට්ටි


නව අදහස දක්වන්න

Or log in with...