පාර්ලිමේන්තුවේ බහුතරය ගැන ගැටලුවක් නැහැ | දිනමිණ

පාර්ලිමේන්තුවේ බහුතරය ගැන ගැටලුවක් නැහැ

චමීර ඇල්ලදෙණිය

පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ කිසිඳු ගැටලුවක් ආණ්ඩුවට නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජනාධිපතිතුමා කී ලෙසටම 113 ත් ඉක්මවා ගිය ආණ්ඩු හදන එක සුළුදෙයක් බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

අප වෙහෙසෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයට නොව රට ගොඩනැගීමේ ඉදිරි වැඩපිළිවෙළ ගැන බවද රණතුංග මහතා කියා සිටියේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පය ඉදිරියට තැබුවේ පසු පසට නොගන්නා බව කී මන්ත්‍රිවරයා ජනතාවට සහන දීමත් රට වැටී ඇති වළෙන් ගොඩගැනීම ප්‍රධාන අරමුණ බවත් සඳහන් කෙළේය.

ඒ සඳහා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත්, එජාපය වතුර නටන තෙක් නැටූ කකුළුවන් බවත් ප්‍රසන්න රණතුංග මහතා කීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම ව්‍යවස්ථානුකූල බවත් ඒ ගැන කිසිදු ලෙසකින් ප්‍රශ්නයක් නොමැති බවත් 14 වැනිදාට එජාපයට අකුලාගෙන යෑමට සිදුවන බවත් රණතුංග මහතා පැවසීය.


නව අදහස දක්වන්න

Or log in with...