ලොව විශාලතම විකුණුම් දිනය 11දා ශ්‍රී ලංකාවට | දිනමිණ

ලොව විශාලතම විකුණුම් දිනය 11දා ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz ශ්‍රී ලංකාවේ පළමු වරට ලොව විශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන 11,11“ ප්‍රවර්ධන වැඩසටහන පවත්වන්නට සූදානම් බව පසුගිය දා නිවේදනය කරන ලදී. මේ දැවැන්ත කටයුත්ත සඳහා රෙකිට් බෙන්කිසර්, යුනිලිවර්, ඇන්කර්, සැම්සුන්ග්, Avirate බ්‍රවුන්ස් Rakuten Viber යන ආයතනයන්ගේ අනුග්‍රාහක දායකත්වය සැලසෙන අතර Daraz App නිල පණිවුඩ සහකරු ලෙස කටයුතු කරනු ලබයි. මෑතකදී හඳුන්වාදුන් නවතම Daraz App සමඟ ක්‍රියාත්මක වන පළමු දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන වන 11,11” වැඩසටහන පාරිභෝගිකයන් වෙත ඔවුන් පෙර නොවිඳි අපූර්වත්වයකින් යුතු ප්‍රබෝධමත් සාප්පු සවාරියක මිහිර ලබාදීමෙහි සමත්ය. එදා මෙදා තුර ශ්‍රී ලාංකීය අන්තර්ජාලගත වෙළෙඳ පොළ තුළ 11,11” වැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වන අතර, එය මෙරට අන්තර්ජාලගත අලෙවි ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක ඇරැඹුම සටහන් කරන්නකි.

නව අදහස දක්වන්න