ජැක්ලීන් රඟන According to Matthew ළඟදීම | දිනමිණ

ජැක්ලීන් රඟන According to Matthew ළඟදීම

මෙරට මහත් වූ ආන්දෝලනයක් ඇතිකළ මැතිව් පීරිස් පියතුමාගේ ජීවිත කතාව පාදකකරගනිමින් නිර්මාණය වූ අකෝඩිං ටු මැතිව් සිනමාපටය මෙම මස අගදී තිරයට පැමිණීමට නියමිතය.

ඒ. සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදීය. සම්මානනිය සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් තිරරචනාකොට නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ අකෝඩිං ටු මැතිව් සිනමාපටයේ ලංකාවේ නෑකම් කියන ජාත්‍යන්තරයේ අතිශය ජනප්‍රිය තරු යුවළක් ප්‍රධාන චරිත මැවීම විශේෂත්වයකි.

ඇල්ස්ටන් කොච් සහ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් එම දෙදෙනාය. හැත්තෑව දශකයේ ඉතාමත් ජනප්‍රිය පොප් ගායකයකු වූ ඇල්ස්ටන් අකෝඩිංටු මැතිව් සිනමාපටයේ පියනමගේ චරිතය මවනු ලබයි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔහු ආසියාවේ පොප් රජු ලෙස විරුදාවලිය ලබා තිබේ.

ශ්‍රී ලාංකේය රූ රැජිනකවන ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සිනමාපටයේ ඩැෆ්නි ලෙස රංගනයෙන් දායකවේ. බිම්සරා ප්‍රේමරත්න, කියැන් ඕ ග්‍රේඩි, රයන් විජේරත්න, ජැවින් ලුඩ්වෙක් සෙසු ප්‍රධාන චරිත මවනු ලබති.

චන්දන ජයසිංහ කැමරා අධ්‍යක්ෂණය කරන ලදී. නාරද තොටගමුව අංගරචනා ශිල්පියාය.

සුනිල් විජේරත්න කලා අධ්‍යක්ෂණයෙන් එකතුවිය. මොරිස් ගෙයිස් සංගීත නිමැවුමෙන් සිනමාපටය හැඩකරයි.

ශ්‍යාමිලා ෆොන්සේකා ඇඳුම් නිර්මාණය කරන ලදී. ක්‍

රිෂාන්ත ගුණසේකර සහ ශෂිකලා ගමගේ රේඛීය නිෂ්පාදකවරුන්ය. චන්දිමාල් කොඩිතුවක්කු නිෂ්පාදන කළමනාකරුය.

ධම්මික පතිරත්න නිශ්චල ඡායාරූප ශිල්පියාය.

නව අදහස දක්වන්න