බළන්ගොඩ හා ඒ අවට තේ අක්කර 3000කට දිලීර රෝගයක් | දිනමිණ

බළන්ගොඩ හා ඒ අවට තේ අක්කර 3000කට දිලීර රෝගයක්

බලන්ගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන

බලන්ගොඩ ප්‍රදේශයට මෙි දිනවල වර්ෂාවත් සහ මිහිඳුමි සහිත පවතින අයහපත් කාළගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක වගාකර ඇති තේ අක්කර 3000 පමණ වැළදි ඇති දිලීර රෝගයක් හේතුවෙන් අමු තේ දලු අස්වැන්න දෙගුනයකින් පමණ අඩු වි ඇතැයි කුඩා තේවතු හිමියන් පවසති.ඇල්ලේපොළ,ගවරන්හේන,හැරමිටිගල, තෝරවෙලකන්ද ,මස්සැන්න , වලේබොඩ ,සමනලවත්ත, රාස්සගල රාවනාකන්ද, වෙිිවැල්වත්ත , ඌවැල්ල මාරතැන්න , සිීතගල ,මස්සැන්න, යන ප්‍රදේශවල තේ වගාවන්ට වැඩි වශයෙන් මෙම දිලීර රෝගය වැළදි ඇති බව එම ප්‍රදේශවල කුඩා තේ ගොවිහු කියති .

කුඩා තේ දල්ලේ කලු පැහැති පුල්ලි හට ගෙන ඇති බවත්, මේ හේතුවෙන් ලපටි තේ දලු බිමට කැඩි වැටෙන බවත් නෙලා ගැනිමට අස්වැන්නක් ඉතිරි නොවන බවද තේ ගොවිහු පවසති .දිගින් දිගටම පැවති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් මෙම දිලීර රෝගය තේ වගාවට වැළදිමට හේතුව බව තේ ඉඩමි හිමියන් පවසති . අමු තේ දලු අස්වැන්න ඉතා විශාල ප්‍රමාණයකින් අඩු විමත් සමඟ තමන් ආර්ථික ගැටලුවකට මුහුණ පා සිටින බව ද ඔවුහු කියති. පසුගිය මාසවල අක්කරයකින් අමුතේ දලු කිලෝ පන්සියකට ආසන්න ප්‍රමානයක් නෙලා ගත්තද මෙි දිනවල එම තේ ඉඩමිවලින් නෙලාගත හැකි තේ දලු ප්‍රමානය අඩකින් අඩු වි ඇති බව ඔවුහු කියති.

තේ වගාවට වැළදි ඇති දිළිර රෝගය පාලන කරන්නේ කෙසේදැයි කුඩා තේ වතු සංවර්දන අධිකාරියේ බලන්ගොඩ කාර්ය්‍ය භාර නිළධාරි කපිල බාලචන්ද්‍ර මහතාගෙන් කල විමසිමකදිි මෙසේ කිය. මෙි දිනවල වර්ෂාවත් සමඟ පවතින මිහිදුම් සහිත කාලගුණය හේතුවෙන් තේ වගාවන්ට හොදින් හිරැ එළිය නොලැබිම හේතුවෙන් මෙම බුබුළු අංගමාර නැමති දිලීර රෝගය තේ වගාවට වැළදිමට හේතුවයි.රෝගය පාලනය කිරි⁣ම සඳහා තේ වගාවට හොදින් හිරු එලිය වැටිම සදහා තේ වගාවෙි සිටුවා ඇති සෙවන ගස් කප්පාදු කිරිම කල යුතුයි. වෙළදපොලේ ඇති සියයට පනහ (50%) තඔ අඩංගු දිලීර නාශකයක් තේ වගාවට ඉසිමෙන් මෙම රෝගය පාලනය කරන්න පුලුවන් .ඒ සදහා වඩා සාර්ථකකම දිලීර නාශකය ලෙස දැනට හදුනා ගෙන අත්තේ හෙක්ෂා එක්ෂල් කියන තඔ අඩංගු දිලිර නාශකය.

එම සියයට පනහ (50%) තඔ අඩංගු දිලීර නාශකයකය අවුන්ස හයක් ,අටක් අතර ප්‍රමානයක් ජලය ගැලුම් පහළොවක දියකර අක්කර එකක් සඳහා දින හතකට වරක් තේ දලු නෙලිමෙන් පසු වගාවට ඉසිම කල යුතුයි .මිට අමතරව කප්පාදු කල තේ වගාවන්ට මෙම දිලිර රෝගය වැලදිමෙි ප්‍රවණතාවය වැඩියි. ඒ නිසා එම වගාවන්ට පෙර කි දිලිර නාශකය දින හතරකට වරක් ඉසිම කල යුතුයි. කෙසේ වෙතත් සැම වසරකම නොවැම්බර් ,දෙසැම්බර් ,ජනවාරි ,පෙබරවාරි යන මාස වල මිහිඳුමත් සමඟ පවතින අයහපත් කාළගුණය හේතුවෙන් තේ වගාවට මෙම දිලීරරෝගය වැලදෙනවා. පෙබරවාරි මාසෙන් පසු එය ක්‍රමයෙන් පාලනය වෙනවා.

නව අදහස දක්වන්න