නිදහස් පක්‍ෂයට නව දේශපාලන මණ්ඩලයක් | දිනමිණ

නිදහස් පක්‍ෂයට නව දේශපාලන මණ්ඩලයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා මධ්‍යම කාරක සභාවට අමතරව 15 දෙනෙකුගෙන් සමන්විත නව දේශපාලන මණ්ඩලයක් පිහිටුවිමට තීරණය කර තිබේ.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) අපේ ගම පරිශ්‍රයේදී රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සමස්ත ලංකා කාරක සභාවේදී එම යෝජනාව සම්මත වී ඇත.
 
අදාළ කටයුත්ත සදහා පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුව තිබෙන බැවින් පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඊයේ සමස්ත ලංකා කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.
 
මීට අමතරව ධීවර වෘත්තීය සමිතියක් ඇති කිරීමට අනුමැතිය හිමිව තිබෙන අතර, පක්‍ෂ ප්‍රතිසංවිධාන යටතේ සිදු කර තිබෙන ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.
 
මැතිවරණයක් පැවැත්විම හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක් හෝ ජනමත විචාරණයක් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපතිවරයා එහිදී සහිතක වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න