සෝභිත සිතුවම් දැක්ම දා | දිනමිණ

සෝභිත සිතුවම් දැක්ම දා

මල්වාන සමූහ මහානාම විතානගේ

බියගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් සපුගස්කන්ද සෝභිත විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ සිතුවම් දැක්මක් ඉකුත් දිනවල එම විද්‍යාලයීය ශාලාවේදී පවත්වන ලදී.

“සෝභිත සිතුවම් දැක්ම - 2018” නම්වූ මෙම සිතුවම් දැක්මට විද්‍යාලයේ පළමුවන වසර සිට පස්වන වසර දක්වා සමාන්තර පන්ති 17ක ඉ‍ෙගනුම ලබන සිසුන් 1300 දෙනාම සහභාගි කරවාගෙන තිබූ අතර එයින් තෝරාගත් චිත්‍ර 400ක් එම සිතුවම් දැක්මට ඉදිරිපත් කර තිබිණි.

මෙසේ ඉදිරිපත් කර තිබූ චිත්‍ර 400න් තෝරාගත් චිත්‍ර 70කට කුසලතා සහතික පිරිනැමූහ.

මෙම සිතුවම් දැක්ම කැලණිය කලාප සෞන්දර්ය විෂය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා අමිතා ඉන්ද්‍රානි මහත්මිය අතින් විවෘත වූ අතර මේ අවස්ථාවට කැලණිය කලාප ප්‍රාථමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂි වික්‍රමාරච්චි හා බියගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සාලනී බණ්ඩාර යන මහත්මීහු ද සහභාගි වූහ.

විදුහල්පති තිලකරත්න ලියනගේ මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධාන කරන ලදී.

නව අදහස දක්වන්න