අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ඉවතට | දිනමිණ

අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ඉවතට

උපාලි කරුණාරත්න
අනුර ප්‍රේමලාල්

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ඉවතට ගමන් කරමින් පවතින බවත් ඒ හේතුවෙන් දැනට උතුරු, උතුරුමැද සහ නැ‍ඟෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් මෙම 10 දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

නමුත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද(09) දිනයේදීත් දිවනියනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය තවදුරටත් අපේක්ෂා කෙරේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවවල ඇතැරම් ස්ථානවලට තඳ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා මුහුදු ප්‍රදේශවල පුළගේ වේගය පැ.කි.මී 30-40ක් පමණ වේ. කන්කසන්තුරය සිට පුත්තලම සහ ගාල්ල හරහා මාතර දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සුළං වේගය ක්ෂණිකව පැ.කි.මී70-80ක් පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණයකින් රළු වීමේ හැකියාවක් පවතී. කන්කසන්තුරය සිට පුත්තලම සහ ගාල්ල හරහා මාතර දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශ රළු විය හැක.

තවත් අඩු පීඩන තත්ත්වයක් ඉදිරි පැය 48 කාලය තුළ දී අන්දමන් මුහුදු ප්‍රදේශයේ සහ ඒ ආසන්න ගිනිකොන දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය යවීමේ හැකියාවක් පවතී. මේ පද්ධතිය ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වීමේ හැකියාවක් පවතී.මෙම පද්ධතිය තව දුරටත් වර්ධනය වෙමින් බස්නාහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරණු ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

අද දිනයේද උතුරු සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක. උතුරු, උතුරුමැද, නැ‍ඟෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල, මාතර සහ කලුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තඳ වැසි ඇතිවිය හැක. වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ටාශය සහ අවට ප්‍රදේශ ජනතාව සඳහා නාය යාම් තත්ත්වයක් ඇතිවුවහොත් ඉවත් වීමේ නිවේදනය සහ හගුරන්කෙත, යටවත්ත, උකුවෙල, රත්තොට අඹන්ගඟ කෝරලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශවල ජනතාව සඳහා නායයාම් පිළිබඳ අවධානමෙන් සිටීමේ නිවේදනයද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඊයේ පස්වරු 6.30ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව පදියතලාව ප්‍රදේශයෙන් මාදුරු ඔයේ සුලු ගංවතුර තත්ත්වයක් පැවැතිණ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ ඊයේ පස්වරුවේ පැවැති තත්ත්වය පිළිබඳ අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යෂ්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා-

පවතින වැසි සහිත තත්ත්වයත් සමඟ මාර්ග කිපයක් ජලයෙන් යටවීම් වාර්තා වෙනවා. පොළොන්නරුව සෝමාවති මාර්ගයේ සුංගාවිල දක්වා ගමන් කිරීම අඩාල වී පවතිනවා. සුංගාවිල දිග්ගල මාර්ගය අඩි තුනක් පමණ ජලයෙන් යටවී තිබෙනවා. අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය ජලයෙන් යට වූ බව වාර්තා වෙනවා. යාන් ඔයේ ජල මට්ටමේ වැඩිවීම තවමත් පවතිනවා. රන්දෙනිගල, රන්ටැඹේ, උල්හිටිය, නාච්චාදූව, මහකනදරාව, තබ්බෝව, උඩවලව, රාජාංගනය, දැදුරු ඔය ඇතුළු ජලාශ රැසක වාන් දොරටු විවෘතව පැවැතියා.

නව අදහස දක්වන්න