රට, ජාතිය හා ආගම සුරක්ෂිත කිරීමට කැප වූයේ මහා සංඝරත්නයයි | දිනමිණ

රට, ජාතිය හා ආගම සුරක්ෂිත කිරීමට කැප වූයේ මහා සංඝරත්නයයි

ශ්‍රී ලංකාව අවදානමට ලක්වූ කාලයන්හිදී රට, ජාතිය හා ආගම සුරක්ෂිත කිරීමට කැප වූයේ මහා සංඝරත්නය බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ ඊයේ (8) පැවති උත්සවයේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

නාග විහාරයේ ස්ථාපිත සෝභිත හිමිපාණන්ගේ පිළිරුවට මහා සංඝරත්නය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පුෂ්පෝපහාර දැක්වූහ.

පසුගිය දශක හතරක පමණ කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ දේශපාලනික, සමාජීය හා සංස්කෘතික කටයුතුවලදී මාදුළුවාවේ සෝභිත හිමිපාණන් සංඝරාජ හිමිනමක ලෙස ශ්‍රේෂ්ඨ නායකත්වයක් ලබාදුන් බවද ඇමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ජාති ආගම් බේදයකින් තොරව කටයුතු කළ මාදුළුවාවේ සෝභිත හිමියන් රට ජාතිය ආගම අනතුරකට මුහුණ දුන් සෑම අවස්ථාවක ම මුලින්ම පෙරට පැමිණ නායකත්වය ලබා දුන් බව ද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිහිපත් කළේය.

වතුරවිල සිරි සුජාත හිමිපාණන් සහ ඇල්ලේ ගුණවංශ හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය ද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.


නව අදහස දක්වන්න