ඔක්තෝබර් ගුරු මාරුව සමඟ රටට යහපත් කලක් උදාවුණා | දිනමිණ

ඔක්තෝබර් ගුරු මාරුව සමඟ රටට යහපත් කලක් උදාවුණා

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ
කැලණිය සාම දේවාලයේ සභාපති ජ්‍යොතිර්වේදී ඩබ්. පී. ආරියරත්න

පසුගිය ඔක්තෝබර් මස සිදුවූ ගුරු මාරුවෙන් පසුව රට තුළ පාලනයේ වෙනසක් සිදුවන බව තමා බොහෝ ස්ථානවලදී බොහෝ අයට පැවසූ බවත්, එය රටේ ඉදිරි ගමන දීප්තිමත් අනාගතයක් කරා රැගෙන යන්නක් බවත්, කැලණිය සාමදේවාල හා ගණපති දේවාල අධිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හා වාස්තු විද්‍යාඥ ඩබ්. පී. ආරියරත්න මහතා පවසයි.

තවදුරටත් රටේ ඉදිරි ගමන පිළිබඳව පැහැදිලි කරනා හෙතෙම පවසන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගතකරන්නේ පාපතර කර කාලයක් බවය. ඒ අනුව එතුමාට මේ අවාසනාවන්ත හා තනතුරු අහිමිවන කාලය අති දීර්ඝ වශයෙන් පවතී.

මෙම නොවැම්බර් මස 16 වන දිනට පෙර රජය විසිරුවා හැරීමක් ද පෙන්නුම් කෙරේ. නොවැම්බර් මස 16 දින සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුසංයෝගයෙන් රටේ සශ්‍රීකභාවය අති වර්ධනය වේ.

2019 නොවැම්බර් මස 4 වන දින සිට ශ්‍රී ලංකාව ලෝකය තුළ බබලන රාජ්‍යයක් බවට පරිවර්තනය වේ. ජනාධිපති හා අගමැති මුළු ලොවටම ආදර්ශමත් හා කාර්යශූර නායකයින් ලෙස ප්‍රකටවේ.

එමෙන්ම 2019 මාර්තු 7 වනදායින් පසුව රට තුළ පවතින දේශපාලන කුමන්ත්‍රණ පරාජයවී, රටේ ජනතාව සෞභාග්‍යමත් ලෙස ජීවිත ගත කිරීම ස්ථිරය.

මේ නායකයින් දෙදෙනාට ලොවේ රාජ්‍ය නායකයින් සැමගෙන් රට දියුණු කිරීමට ලැබෙනා සහාය වර්ධනය වී පුදුමාකාර සංවර්ධනයක් හා ජනතා සහායක් ලැබී ශ්‍රී ලංකාව ලොවේ දියුණුම රාජ්‍යයක් බවට පත් කිරීමට ලැබෙනා ශක්තිය නොඅඩුවම ඉදිරියේදී බලවත් ලෙස ලැබේ.

නව අදහස දක්වන්න