ව්‍යාපාරික ලෝකයේ ශ්‍රී ලංකාව ඉදිරියට | දිනමිණ

ව්‍යාපාරික ලෝකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

මහින්ද අලුත්ගෙදර

ලෝක බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන Doing Business index දර්ශකයේ නවතම සංස්කරණය වන 'Doing Business 2019'ට අනුව ශ්‍රී ලංකාව පියවර 11කින් පෙරමුණට පැමිණ තිබේ.

ඒ අනුව Doing Business 2018 ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ලබා සිටි 111වැනි ස්ථානයේ සිට මෙවර 100 ස්ථානය දක්වා පියවර 11කින් පෙරමුණට පැමිණ තිබෙන බව එම දර්ශකය පෙන්වා දෙයි.

රටවල් 190ක් ඇසුරින් සිදුකර ඇති මෙම වර්ගීකරණයට අනුව 2017 වසරේ දී ශ්‍රී ලංකාව 110වැනි ස්ථානයේ පසුවිය.

මෙම වර්ගීකරණය සිදුකිරීමේ දී ව්‍යාපාරයක ජීව කාලයට බලපාන අංශ 10ක් කෙරෙහි විශේෂ අවධානය යොමුකරන අතර ව්‍යාපාරයක් ඇරඹීම, ඉදිකිරීම් අනුමැති ලබා ගැනීම, විදුලිය ලබා ගැනීම, දේපළ ලියාපදිංචිය, ණය ලබා ගැනීම, කුඩා පරිමාණ ආයෝජකයන්ගේ සුරක්ෂිතතාව, බදු, දේශසීමා අතර වෙළෙඳාම, බලාත්මක ගිවිසුම් සහ වස්තුභංගත්ව විසඳුම් ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබේ.

'Doing Business 2019″ නවතම වාර්තාවට අනුව ඉදිකිරීම් අනුමැති ලබාගැනීම, දේපළ ලියාපදිංචිය, බදු, බලාත්මක ගිවිසුම් යන අංශවලින් ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති බවද සඳහන් වෙයි.

මේ දර්ශකයට අනුව නවසිලන්තය, සිංගප්පූරුව, ඩෙන්මාර්කය, හොංකොං, කොරියාව, ජෝර්ජියාව, නෝර්වේ, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ මැසිඩෝනියාව යන රටවල් ඉදිරියෙන්ම පසුවන අතර සෝමාලියාව, එරිත්‍රියාව, වෙනිසියුලාව, යේමනය, ලිබියාව, දකුණු සූඩානය, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, හයිටිය, චැඩ් යන රටවල් දර්ශකයේ පසුපසින්ම පසුවෙයි.

නව අදහස දක්වන්න