ගණිත ක්‍රමයක් නෑ මංගලගේ මිල සූත්‍රය සම්පූර්ණ වැරැදියි | දිනමිණ

ගණිත ක්‍රමයක් නෑ මංගලගේ මිල සූත්‍රය සම්පූර්ණ වැරැදියි

ධනුෂ්ක ගොඩකුඹුර
චමීර ඇල්ලදෙණිය

හිටපු මුදල් ඇමැතිවරයා ක්‍රියාවට නංවා තිබූ තෙල් මිල සූත්‍රය කිසිදු ගණිතමය ක්‍රමවේදයක් අඩංගු නොවන වැරැදි සූත්‍රයක් බව මුදල් රාජ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

ඕනෑම සූත්‍රයකට ගණිතමය ක්‍රමවේදයක් අඩංගු විය යුතු නමුත් මෙහි එවැනි ක්‍රමවේදයක් නැති බව පැවසූ ඒ මහතා මංගලගේ සූත්‍රය සූත්‍රයක් නොව මිල ගැලපුමක් පමණක් බවත් පැවසීය.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙම අදහස් පළ කළේ අගමැති කාර්යාලයේ දී ඊයේ (8) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

තෙල් මිල සූත්‍රය නිසා සෑම මසකම 10වැනි දාට බියෙන් සිටින්නට ජනතාවට සිදු වු බව පෙන්වා දුන් ඇමැතිවරයා නව රජය යටතේ එම සූත්‍රය අහෝසි කරන්න ප්‍රධාන හේතුව වූයේ ද එහි පැවැති දුර්වලතා බව ප්‍රකාශ කළේය.

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මෙහි දී අදහස් දැක්වීය.


නව අදහස දක්වන්න

Or log in with...