විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් | දිනමිණ

විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක්

මහින්ද අලුත්ගෙදර

ඉකුත් වසරට සාපේක්ෂව විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 10.6කින් ඉහළ ‍ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි .

ඒ අනුව ‍පසුගිය 2017 වසරේ මුල් මාස දහයක කාලයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,704,360ක් වන අතර ඊට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ දී සියයට 10.6ක වර්ධනයක් පෙන්නුම් කරමින් 1,885,045 දෙනෙකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 152,429 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන අතර, ඊට සාපේක්ෂව සියයට 0.5ක වර්ධනයක් වාර්තා කරමින් මේ වසරේ ඔක්තෝබර් මාසසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 153,123 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

නව අදහස දක්වන්න