ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ව්‍යවස්ථා විරෝධීනම් කළ යුත්තේ කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමයි | දිනමිණ

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ව්‍යවස්ථා විරෝධීනම් කළ යුත්තේ කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමයි

ලුණම සමූහ සනත් ගමගේ

ජනාධිපතිවරයා ඝාතනය කිරිමට සැලසුමක් සකස් කර එය හෙලීවී තිබූ අවස්ථාවේ දී එයට හිටපු අගමැතිතුමාගේ නම, පොලිස්පති, තවත් පුද්ගලයන් ගේ නම් ගම් හෙලිවුනත් කතානායක තුමා මේ සම්බධන්යෙන් කිසිම ප්‍රකාශයක් සිදු කිරිමට කටයුතු නොකර ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා‍ට ලැබී ඇති බලතල යටතේ පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරිමට යෑම කතානායක වරයෙකුගේ සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම පටහැනි වන අතර, එය නිති විරෝධියැයි සැලකෙන්නේනම් කලයුතුව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම පමනක් බව හිටපු කථානායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කීය

ව්‍යවස්ථාවට පටහැනි කොතෙක් දේ පාර්ලිමේන්තුවේ කරනවාද පළාත් සභා හයක් වාර අවසන් කර තිබෙනවා. පළාත් සභා ජන්දය පවත්වන්නේ නැහැ. ප්‍රාදේශිය සභා මැතිවරණය කොච්චර අමාරුවකින්ද තිබ්බේ. මේවා තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසන කාර්යයන් ඒ කිසිවකට කථානායක වරයා කතා කළේ නැහැ. ප්‍රකාශ නිකුත් කළේ නැහැ.

මේ රටේ ජනතාවට දිනෙන් දින එල්ලවන ආර්ථික අපහසුකම් හමුවේ , රටේ සම්පත් විදේශ රටවලට විකිණිම සිදු කරන අවදියක ජනාධිපති වරයා ඝාතනය කරන්න පොලිසියත් එක්ක සැලසුම් හදන විට වෙනම අධිකරණ පිහිටුවා විරුද්ධ වාදි දේශපාලනඥයන්ට නඩු පවරා මාස ගනන් නිරපරාදේ සිරගතකරවන විට, මේ රටේ යුද්ධයට මුහුණ දුන් රණවිරුවන් සිරගතන කරන විට ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා ඔබ තුමාව නිහඩව ඉන්නේ ඇයි අපි ඔබ තුමා පත් කලේ මේකටද කියා .ජනාධිපතිතුමා තමන්ගේ හෘද සාක්සියට අනුව තීරනයක් ගත්ත. ඒ තිරනය ගත්තේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එතුමාට පැවරී තිබෙන සම්පූර්ණ බලතල අනුව මිස පෞද්ගලික තීන්දු නොවන විදියට. කතානාක තුමාට දේශපාලනය පාර්ලිමේන්තුවේ කරන්න බැහැ. මමත් කථානායක ධුරයේ සිටියා. මම මගේ දේශපාලනය තනතුරට ගත්තේ නැහැ. නතතුරේ ගරුත්වය තැබුවා. හිටපු සියලු කථානායකවරුන් එය එසේ කළා

පාර්ලිමේන්තුවේ ඇතිවන කතා බහ යම් යම් පනත් සම්බන්ධව තර්ක විතර්ක මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළාට පස්සේ කතානායක වරයාට පුළුවන් යම් යම් තීන්දු තීරණ ඒ අවස්ථාවේම ගන්න. එසේ නැතිව ව්‍යවස්ථා විරෝධි ක්‍රියා මෙලෙස ප්‍රකාශ නිකුත් කරන්න කිසිම අයිතියක් නැහැ.

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. මගේ කාලයේ දීත් ඊට පෙර කතානායකවරුන් සිටියදී වාර අවසන් කර තිබෙනවා. සම්ප්‍රදාය ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට ඇවිත් විවෘත කළ පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භ කරනවා.

නව අදහස දක්වන්න