ජීවිත 06ක් ගුවන් මෙහෙයුමකින් බේරා ගැනේ | දිනමිණ

ජීවිත 06ක් ගුවන් මෙහෙයුමකින් බේරා ගැනේ

මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි ප්‍රදේශයේ නිත්තකේක්කුලම වැවේ කොටසක් කැඩී යාමෙන් සිර වී සිටි පුද්ගලයින් 6 දෙනා අද(09) උදෑසන බේරා ගෙන ඇත. 
 
ඒ ගුවන් හමුදාවේ ද සහය ඇතිවය.
 
ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම සඳහා ඊයේ රාත්‍රී සිට යුද හමුදාවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ද ගුවන් හමුදාවට ලැබිණ.
 
ජලයට කොටුවී සිටි පිරිස අතර කාන්තාවක් ද විය. පවතින අධික වර්ෂාව හේතුවෙන් වැවේ කොටසක් කඩා ගෙන ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
 
එසේම මුලතිව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස රැසක් ජලයෙන් යටවි ඇති බවයි.
 

නව අදහස දක්වන්න