පෑලියගොඩ හුවමාරුව හා කැළණි පාලම අතර වැසේ | දිනමිණ

පෑලියගොඩ හුවමාරුව හා කැළණි පාලම අතර වැසේ

යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ වර්තමාන කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් හෙට(10) සිට තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
 
ඒ අනුව හෙට (10) සිට කොළඹ – පුත්තලම මාර්ගයේ සහ කොළඹ – නුවර මාර්ගයේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම තාවකාලිකව නතර කෙරේ.
 
ඒ හේතුවෙන් අලූතින් ඉදිකරන ලද විකල්ප මාර්ගය භාවිත කරන මෙන් එම අධිකාරීය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
 
එමෙන්ම, අධිවේගී මාර්ගයේ සිට කොළඹ සිට පැමිණෙන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ – පුත්තලම සහ කොළඹ – නුවර මාර්ගවලට පිටවීම ද අත්හිටුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරනු ලැබේ.

නව අදහස දක්වන්න