අක්මාවෙන් බද්ධ වී සිටි සොයුරියන් වෙන් කෙරේ | දිනමිණ

අක්මාවෙන් බද්ධ වී සිටි සොයුරියන් වෙන් කෙරේ

එකිනෙකා බද්ධ වී සිටින නිවුන් දැරියන් දෙදෙනෙකුගේ ශරීර වෙන් කිරීමේ ශල්‍ය කර්මයක් ඔස්ට්‍රේල්යාවේ දී සාර්ථකව සිදු කර ඇත.
 
අදාළ ශල්‍යකර්මය සඳහා පැය 6ක පමණ කාලයක් ගත වූ බව වාර්තා වේ. මාස 15ක් වයසැති භූතාන ජාතික එම දැරියන් දෙදෙනා අක්මාව ඇතුළු ඉන්ද්‍රියන් කිහිපයකින් එකිනෙකා බද්ධව සිටින බව, වෛද්‍යවරුන් සදහන් කර ඇත.
 
ඔවුන් වෙන් කිරීමේ ශල්‍ය කර්මය පසුගිය මාසයේ සිදු කිරීමට නියමිතව තිබුණත්, දරුවන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීමේ අරමුණෙන් එය කල් දැමීමට වෛද්‍යවරුන් තීරණය කර තිබුණි.
 
මෙම සුවිශේෂ ශල්‍යකර්මය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් දෙකක් සහභාගී වූ අතර, ශල්‍ය කර්මාය සිදු කෙරුණේ, මෙල්බරින් නුවර රාජකීය ළමා රෝහලේදී ය.
 
එකිනෙකා බද්ධව සිටින නිවුන් දරු උපත් ඉතා දුර්ලභ වන අතර එය සිදුවන්නේ, දරු උපත් ලක්ෂ 2කට එක් දරු උපතක් වශයෙන් බව වාර්තා වේ. එවැනි අවස්ථාවල දී සජීවී දරු උපත් සිදුවන්නේ 40%ත් 60ක් අතර ප්‍රමාණයක් පමණි.
 

නව අදහස දක්වන්න