පරාජයන් වැලකට තිත තබමින් ඔස්ට්‍රේලියාවට එක්දින ජයක් | දිනමිණ

පරාජයන් වැලකට තිත තබමින් ඔස්ට්‍රේලියාවට එක්දින ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමත් විය.

පිට පිට එක්දින තරග 7ක් පරාජයට පත්වීමෙන් පසුව ඔස්ට්‍රේලියාව මේ ජය හිමිකරගත් අතර මේ සමගින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඕවර 48.3කදී ලකුණු 231ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 224ක් පමණි.

ඩේවිඩ් මිලිර් ලකුණු 51ක් සහ නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 47ක් දකුණු අප්‍රිකානු ඉනිමට එක්කළද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

පන්දු යැවීමේදී මාකස් ස්ටොයින්ස් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ඇලෙක්ස් කැරී පන්දු 72කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 47ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

පන්දු යැවීමේදී කගීසෝ රබාඩා කඩුලු 4ක් දවාගත් අතර ඩවයින් ප්‍රිටෝරියස් කඩුලු 3ක් බිඳ දැමීය.

තරගාවලිය තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (11) හොබාර්ට් හිදී පැවැත්වෙයි.

නව අදහස දක්වන්න