මරදාන තාක්ෂණ විද්‍යාලයට වසර 125ක් සපිරෙයි | දිනමිණ

මරදාන තාක්ෂණ විද්‍යාලයට වසර 125ක් සපිරෙයි

ශ්‍රී ලංකාවේ කාර්මික අධ්‍යයනයේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය රටට අවශ්‍ය පුහුණු කාර්මික උගතුන් බිහිකිරීමේ කාර්ය භාරය පසුගිය වසර 125ක කාලය තුළ ඉටුකර තිබෙනවා. එසේ වුවත් විසි එක්වැනි සියවසට ගැලපෙන ආකාරයට ජාතික නිෂ්පාදනයට හා ජාතික ආර්ථිකයට ගැලපෙන නවෝත්පාදන කෙරෙහි වඩාත් අවධානය යොමු කළ යුතුයැයි කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පුෂ්පා එන්. කේ. මලලසේකර මහත්මිය පැවසුවාය.

ඒ මහත්මිය එසේ පැවසුවේ 2018.11.01 දින ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයට (මරදාන කාර්මික විද්‍යාලයට) වසර 125ක් පිරීම නිමිත්තෙන්වූ උත්සව මහා සභාවේදීය.

එම උත්සවයේදී තවදුරටත් කතාකළ අධ්‍යක්ෂ ජනරාල් පුෂ්පා එන්. කේ. මලලසේකර මහත්මිය.

වාර්ෂිකව පාසල් අධ්‍යාපනයෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව එළඹෙන්නේ සුළු පිරිසකටයි. එසේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අපහසුවන සිසු සිසුවියන්ට තම සහජ හැකියාවන් ඔප් නංවාගෙන තම අනාගත අභියෝග ජයගැනීමට හැකිවන ආකාරයට වෘත්තීය කාර්මික අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දී තිබෙන බවද පැවසුවාය.

කාර්මික විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් නිමල් සෙනරත් මහතා කතා කළේය.

මෙම උත්සවයේදී කාර්මික විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වූ අභයතිලක සමරනායක ශ්‍රී ලංකා තාක්ෂණික විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනි ශ්‍රියානි හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහුද කතා කළහ.

උඩුගම්පොල සමූහ

නව අදහස දක්වන්න