මෙරට අක්‍ෂි ශල්‍ය කර්ම නොමිලේ | දිනමිණ

මෙරට අක්‍ෂි ශල්‍ය කර්ම නොමිලේ

ශ්‍රී ලංකාවේ රෝගීන් 100දෙනකුගේ ඇසේ සුද ඉවත් කර කෘතීම කාච බද්ධ කීරීමේ ශල්‍යකර්ම 100ක්  ඊයේ(07) නාරාහේන්පිට ලංකා හොස්පිටල් හීදී ආරම්භ විය. අද(08) දිනද එය සිදුකෙරේ. 
 
ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සංවිධායකත්වයෙන්, චීනයේ සුප්‍රසිද්ධ අක්ෂි රෝහලක් වන චෙන්ඩු හි AIDI රෝහල , සිචුවාන් චීන ජාත්‍යන්තර සිංහ සමාජය හා ලංකා හොස්පිටල් ආයතනය එක්ව මෙම සමාජ සත්කාරය සිදු කරනු ලබයි.
 
AIDI අක්ෂි රෝහලේ ප්‍රධාන අක්ෂි ශල්‍ය වෛද්‍ය යාඕ ෂියාඕමින් හා එහි උප අධ්‍යක්ෂක වෛද්‍ය ලියන් හාඕ,වෛද්‍ය චී වෙයි ඇතුළු චීන වෛද්‍ය කණ්ඩායමක් හා ලංකා හොස්පිටල් හී ශ්‍රී ලාංකික වෛද්‍යවරු මෙම ශල්‍යකර්ම සිදුකරනු ලබයි. මේ සඳහා චීන ජාත්‍යන්තර සිංහ සමාජ නියෝජනය කරමින් ස්වේච්ඡා නිළධාරීන් 21 දෙනෙකු පමණ සහභාගී වී සිටිති. 
 
චීන යුවාන් ලක්ෂ 2 හෙවත් රුපියල් මිලියන 5ක් පමණ මෙම ශල්‍යකර්ම සඳහා චීන සිංහ සමාජය විසින් පරිත්‍යාග කර තිබේ. ඒ අනුව එක් රෝගියකු සඳහා කාච හා අනෙකුත් වියදම් වශයෙන් රුපියල් 50,000.00 චීන ජාත්‍යන්තර සිංහ සමාජය විසින් දරනු ලබන අතර රෝගීන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ.
 
මෙම සමාජ සත්කාරය සම්බන්ධීකරණය කරනු ලබන්නේ ජාත්‍යන්තර චීන වෛද්‍ය මධ්‍යස්ථානයේ මහලේකම් මහාචාර්ය ලායි පින්ග්සුම් (Lai Pingsum) මහතා හා ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති,ඉන්ද්‍රානන්ද අබේසේකර යන මහත්වරුන් විසිනි. එසේම ශ්‍රී ලංකා අක්ෂි බැංකුවද සහයෝඟය ලබා දේ.
 
වෛද්‍ය යාඕ ෂියාඕමින් මහතා මේ වනවිට ලොව පුරා අක්ෂි ශල්‍යකර්ම 66,000 ක් සිදු කර ඇති අතර , චීන ජනාධිපති ෂී ජින්පින් මහතා 2014 වර්ෂයේ කොළඹ වරාය නගරයට මුල්ගල තැබීමට ශ්‍රි ලංකාවට පැමිණි අවස්ථාවේදී, වෛද්‍ය යාඕ ෂියාඕමින් මහතා හා චින වෛද්‍ය කණ්ඩායමක් විසින් නොමිලේ අක්ෂි ශල්‍යකර්ම ( කෘතිම බද්ධ කිරීම) 1000 ක් සිදුකර ඇත.
 
වෛද්‍ය ලියාන් හාඕ මහතා අක්ෂි ශල්‍යකර්ම 100,000 ක් සාර්ථකව සිදු කර වාර්ථා පිහිටුවා තිබේ.

නව අදහස දක්වන්න