පිලිපීන හිටපු ජනපති මාර්කෝස්ගේ බිරියට සිර දඬුවම් | දිනමිණ

පිලිපීන හිටපු ජනපති මාර්කෝස්ගේ බිරියට සිර දඬුවම්

පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ 89 හැවිරිදි බිරිය වන ඉමෙල්ඩා මාර්කෝස් ට එරෙහිව පැවැති දූෂණ චෝදනා ඔප්පුවීම හේතුවෙන් පිලිපීන අධිකරණයක් මඟින් සිර දඬුවම් නියම කර තිබේ.

1970 සහ 80 දශකවල දී සිය සැමියාගේ රජයේ කටයුතු කරමින් සිටිය දී ස්විට්සර්ලන්ත රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනුවල නිරතවීම ඇයට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව වූ බව වාර්තා වෙයි.

තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවට ඉමෙල්ඩා මාර්කෝස් පැමිණ නොසිටි අතර, සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

සිය සැමියා ජනාධිපති ධුරය හොඹවන සමයේ අධි සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගතකළ ඉමෙල්ඩා මාර්කෝස් සපත්තු ජෝඩු දහසක් සතුව තිබීම නිසා ද ප්‍රසිද්ධියට පත් වූ තැනැත්තියකි.

නව අදහස දක්වන්න