නෝර්වේ මුහුදු තීරයේ දී නැව් දෙකක් එකිනෙක ගැ‌ෙටයි | දිනමිණ

නෝර්වේ මුහුදු තීරයේ දී නැව් දෙකක් එකිනෙක ගැ‌ෙටයි

නෝර්වේ රාජ්‍යයේ බටහිර මුහුදු තීරයේ දී නෞකා දෙකක් එකිනෙක ගැටී ඇත.

අනතුරින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා තිබේ. නෝර්වේ රාජ්‍යයේ බටහිර මුහුදු ප්‍රදේශයේ දී තෙල් ප්‍රවාහන නෞකාවක් සහ නාවික හමුදාවට අයත් ආරක්ෂක යාත්‍රාවක් එකිනෙක ගැටී තිබේ.

මේ සමඟ අදාළ නෞකා දෙකේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන් 137දෙනා මුදාගැනීමට බලධාරීන් පියවර ගත් අතර ඔවුන්ගෙන් 8 දෙනෙකු තුවාල ලබා සිටි බව සඳහන් වෙයි.

අනතුර හේතුවෙන් උතුරු මුහුදේ ඛනිජ තෙල් අපනයන පර්යන්තය වසා දැමීමටත් සිදුව තිබුණි.

කෙසේ නමුත් ඉන් සාගරයට තෙල් කාන්දුවීමක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.

අනතුරට සම්බන්ධයෙන් නෝවීජියානු හමුදාව පරීක්ෂණ පවත්වයි.

නව අදහස දක්වන්න