මිකී මවුස්ට අවුරුදු 90යි | දිනමිණ

මිකී මවුස්ට අවුරුදු 90යි

ලෝ ප්‍රකට මිකී මවුස් කාටූනය නිර්මාණය කර වසර 90ක් ගතවීම නිමිත්තනේ අමෙරිකාවේ නිව්යෝක් නුවර දී විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වේ.

වෝල්ට් ඩිස්නි විසින් මිකී මවුස් කාටුනය නිර්මාණය කළේ 1928 වර්ෂයේ දීය. ඒ අනුව මේ වසරේ දී මිකී මවුස් සිය අනූව වැනි ජන්ම දිනය සරමයි.

ඒ වෙනුවෙන් ඩිස්නි සමාගම මිකී මවුස් නිර්මාණ ඇතුළත් විශේෂ ප්‍රදර්ශනයක් මෙලෙස සංවිධාන කර ඇත.

වර්ග අඩි දහසය දහසකින් පමණ සමන්විත මෙම ප්‍රදර්ශන භූමියේ දී ඡායාරූප, කෙටි චිත්‍රපට ඇතුළු මිකී මවුස් නිර්මාණ රැසක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදාකර දී තිබේ.

ප්‍රදර්ශනය 2019 පෙබරවාරි 10වන දින දක්වා විවෘතව තැබෙන බවත් සඳහන්වේ.

නව අදහස දක්වන්න