Monday, නොවැම්බර් 12, 2018 - 20:08
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිතුක් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී අදට විභාග කර අවසන් වී තිබේ.
නීතිපති කරුණු දැක්වීම හෙට පෙරවරු 10.00 ආරම්භ කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සම් 17ක් ගොනු කර තිබේ.
පෙත්සම්වලට අදාළ කරුණු දැක්වීම අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කෙරිණ.
නව අදහස දක්වන්න