අගමැති පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනියි | දිනමිණ


 

අගමැති පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනියි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

අද පෙරවරු 11. 00 ට පමණ, විජේරාම නිල නිවසේදී ඔහු මෙම සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා විය.

මහ මැතිවරණයට පිවිසීමේ පොදු එකගතාවයක් යටතේ මෙම සාමාජිකත්ව ලබා ගැනීම සිදුවූ බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කලේ.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගැනීම ඒ වස්ථාවේදී සිදුවනු ඇති බව ද සදහන්.

නව අදහස දක්වන්න