නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ වර්ධනයට සහ රැකියා උත්පාදනයට FMO සහාය | දිනමිණ

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ වර්ධනයට සහ රැකියා උත්පාදනයට FMO සහාය

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 50ක ඒකාබද්ධ ණයක් ලබාදීම සඳහා FMO ආයතනය විසින් මෑතකදී පියවර ගන්නා ලදී. වසර ගණනාවක් තිස්සේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නංවාලීම සඳහා අතිසාර්ථක ලෙස කටයුතු කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ එම උත්සාහයන් තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා මේ ණය මුදල විශාල දායකත්වයක් සපයනු ඇත.

දීපව්‍යාප්තව ශාඛා 100කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කර ඇති ප්‍රමුඛතම බැංකු 10 අතරට අයත් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට වේගයෙන්ම වර්ධනය වන බැංකුවක් ලෙස සැලකේ. මේ පුළුල් ශාඛා ජාලය නිසා බැංකුවට ඉතා පහසුවෙන් ග්‍රාමීය ප්‍රදේශ වෙත පවා තම සේවාවන් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබී ඇත.

තව ද නවීන තාක්ෂණය හා බැඳුණු මූල්‍ය සේවාවන් හඳුන්වා දීම සම්බන්ධයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් සිටියි. මේ ඒකාබද්ධ ණය පහසුකම, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට එකම ආයතනයක් මගින් දෙවැනි වරටත් ණය පහසුකම් සලසනු ලබන ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. මීට වසර 8 කට පෙරද නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ වර්ධන සැලසුම් වෙනුවෙන් FMO මගින් ණය පහසුකම් ලබාදෙන ලදී.

නව අදහස දක්වන්න