කැලිෆෝනියා ලැව්ගින්නෙන් මියගිය ගණන 31 දක්වා ඉහළට | දිනමිණ

කැලිෆෝනියා ලැව්ගින්නෙන් මියගිය ගණන 31 දක්වා ඉහළට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත ගණනාවක හට ගෙන ඇති ලැව්ගිනි තත්වය, මේ වන විට විශාල ප්‍රදේශයක් දක්වා පැතිර ගොස් තිබේ.
 
එසේම මෙම ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අතුරුදන් සංඛ්‍යාව 228ක් පමණ වන බව වාර්තාවේ. 
 
ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ පුද්ගලයින් තුන්ලක්ෂයක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ. අක්කර එක් ලක්ෂ දසදහසක් පමණ ලැව්ගින්නෙන් විනාශ වී ඇති බව සදහන් වේ. දැඩි සුළං සහ වියළි කාලගුණ තත්ත්වය සමග ලැව් ගිනි වේගයෙන් පැතිර යමින් පවති. 
 
නිවාස හා ව්‍යාපාරික ස්ථාන හයදහස් හත්සියයක් ගින්නෙන් විනාශ වි තිබෙනවා. කැලිෆෝනියා ප්‍රාන්ත ඉතිහාසයේ දරුණු තම ලැව්ගින්න මෙය බව සදහන් වේ.
 
 

නව අදහස දක්වන්න