මහාචාර්ය රත්නජීවගේ මැදිහත්වීම අනුමත කරන්න බෑ | දිනමිණ

මහාචාර්ය රත්නජීවගේ මැදිහත්වීම අනුමත කරන්න බෑ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකිරීමේ අයිතිය සෑම පුරවැසියකුටම තිබුණද, මැතිවරණ කොමිසමේ නියෝජිතයකු වූ මහාචාර්ය රත්නජීව හූල් මහතා එවැනි කටයුත්තකට සම්බන්ධවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව කැන්ටබරි විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීති පීඨයේ මහාචාර්ය දිනේෂ් කේසර ගුණසේකර මහතා දිනමිණට පැවැසීය.

ඔහුගේ මෙම ක්‍රියාවෙන් පෙන්නුම් කරනුයේ ඔහුට ඇති ප්‍රායෝගික දැනුමේ තරම හෝ තමන් දරන තනතුරේ වගකීම නොදැනීම බවද ඒ මහතා පැවැසීය. මෙම සිදුවීම ඉතාම නරක පූර්වාදර්ශයක් වන අතර ඔවුන් මෙවැනි තනතුරුවලට පත්වීමෙන් වැළකී සිටීම යහපත් බවද දිනේෂ් කේසර ගුණසේකර මහතා පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ දිනේෂ් කේසර ගුණසේකර මහතා,

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල මත පාර්ලිමේන්තුව විසුරුවා ඇති අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව කතා කරන පිරිස් කළ යුත්තේ මහජන ඡන්දයකට ගොස් ජනතාවගේ කැමැත්ත ලබාගැනීමයි.

 

නව අදහස දක්වන්න