එජාපයත්- ජවිපෙයත් දැන් එකම හවුලක් | දිනමිණ

එජාපයත්- ජවිපෙයත් දැන් එකම හවුලක්

අනුර ප්‍රේමලාල්

අගමැති පත් කළ අවස්ථාවේ අධිකරණයට ගොස් ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණ නොගත් එජාපය, ජවිපෙය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අධිකරණයට යන්නේ තමන් එකම හවුලක හා දේශපාලන න්‍යාය පත්‍රයක සිටින නිසා යැයි ඇමැති වාසුදේව නානයක්කාර මහතා පැවසීය.

මහා මැතිවරණයකින් පසු ජනතාව තමන්ට ලබාදෙන ඉරණම ඔවුන් හොඳින් දන්නා බවද ඇමැතිතිවරයා කිවේය.

ඒ මහතා මේබව සඳහන් කළේ ඊයේ(12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීවේය.

ඒ අය කිව්වා මේ පත් කිරීම භාර ගන්න බැහැ කියලා. ජනාධිපති පත් කළ අගමැතිවරයාට බොරු අගමැති කිව්වා. පිළිගන්නේ නැහැ කිව්වා කැබිනට් මණ්ඩලය පිළිගන්නේ නැහැ කිව්වා. ඔවුන්ට එදා අධිකරණයට යෑමට අවස්ථා තිබුණත් එය මඟ හැරියා. එදා අගමැති හා කැබිනට් මණ්ඩලය පත් කළ අවස්ථාවේ අධිකරණයට ගිය නැත්තේ ඒ අයගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි. ඒ අය සූදානම්වුණේ හිටපු අගමැති ඉවත් කළ අවස්ථාවේ සිට රටේ කෝලාහල තත්ත්වයක් අර්බුදකාරි , නොසන්සුන්, ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන්නයි. ඊට පසු ඒ අයගේ විදේශ මිතුරන් කියන්න. මැදිහත්වෙන්න රට අරාජිකයි කියා. නමුත් අපේ ජනතාව ඊට අසුවුණේ නැහැ. රටේ පාලනය ගෙන යමින් සිටිනවා. ඒ නිසා ඒ අයගේ සැලැස්ම පරාජය වුණා. එදා අගමැති පත් කළ අවස්ථාවේ දී අධිකරණයට ගියා නම් මෙවැනි අර්බුදකාරි තත්ත්වයක් ඇතිවෙන්නෙත් නැහැ.

නව අදහස දක්වන්න